
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෛද්‍යවරයෙක් වීමට සාමාන්‍ය පෙළ සමත්වීමට අවශ්‍ය නොමැති බවත්, උසස් පෙළ සමත් වූ පසු විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලබන බවත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පෙන්වාදෙයි.
පසුගියදා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පැවති කෝප් කමිටු රැස්වීමේදී මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු මෙසේ ද සඳහන් කළේය.
”පාසල්වල විද්‍යාව කරන්න නම් ඒ ඒ පාසල් හදාගත්ත නීති තියෙනවා. එතකොට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ MBBS උපාධියකට යන්න අපි අහන්නේ නෑ ඒ දරුවා සාමාන්‍ය පෙළ පාස් ද කියලා. අපිට සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඕන නෑ. ෆේල් වුණ දරුවෙක් උසස් පෙළ හොඳට කරලා අදාළ Z අගයේ සිමාවේ ඉන්නවා නම් ඒ දරුවාව විශ්ව විද්‍යාලයට යවනවා.
අධ්‍යාපනය ගැන දීර්ඝව සාකච්ඡා කරලා පුළුල් කරලා විවර කරලා තිබුණ තැන් ඒ ඒ කුඩා ආයතන විසින් ඇතැම් වෙලාවට සීමාවන් නිසාම වෙන්න පුළුවන් ප්‍රතිපත්ති හදලා නීතිගත කරලා. ඒ නිසා අසහනය විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart