
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යේමන් අගනුවර වන සනා හි පාසලක රාමදාන් සමය වෙනුවෙන් පැවති ආධාර බෙදාදීමේ වැඩසටහනක් අතරතුර සිදුවූ තෙරපුමකින් අවම වශයෙන් පුද්ගලයන් 80 දෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. ජනමාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණු දර්ශන වලින් දැකගන්නට ලැබෙන ආකාරයට, සිය ගණනක් ජනතාව බදාදා දිනයේදී අදාළ පාසලට ඒකරාශි වී සිටියේ එක් පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 09ක (ස්ටර්ලි පවුම් 7, යුරෝ 8 වැනි) ආධාරයක් ලබා ගැනීමටයි. තෙරපීම සිදුව ඇත්තේ ඒ අතරතුරය.
2015 වර්ෂය්දී පාලනයේ සිටි ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසු හූති කැරලිකරුවන් මෙම නගරයේ පාලන කටයුතු සිදුකරනු ලබයි. මෙය සංවිධානය කළ බව කියන ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත. ප්‍රාදේශීය බලධාරීන් සමග සම්බන්ධ නොවී ” නිසි පාලනයකින් තොරව ආධාර බෙදාදීම” මෙලෙස තෙරපුමක් ඇතිවීමට බලපෑ බව අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත.
සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, හූති සටන්කාමීන් ජනතාව පාලනය කිරීමේ උත්සාහයක් ලෙස අහසට වෙඩි තබා ඇති අතර, එහිදී යම් පිපිරීමක් සිදුව තිබේ. එය භීතිය ඇතිකිරීමට හේතු වී ඇති අතර, තෙරපීමට හේතු වූ බවද ඔවුහු පවසා ඇත. හූති උත්තරීතර පරිණාමීය කමිටුවේ ප්‍රධානියා වන මොහොමඩ් අලි අල්-හූති බදාදා සිදුවූ මෙම තෙරපුම රටේ මානුෂීය අර්බුදයේ කොටසක් ලෙස සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart