
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවත්නා වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ ජල මූලාශ්‍ර සියල්ලම පාහේ සිදීගොස් වන සතුන් ජලය නොමැති ව පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.
යාල වනෝද්‍යානයේ ප්‍රධාන උද්‍යාන භාරකරු මනෝජ් ඉන්ද්‍රරත්න පවසන්නේ, මුවන් සහ ගෝනුන් ඇතුළු සතුන් රැසක් දැඩි ආහාර හිගයකටද මුහුණ පා ඇති බවයි.
වනෝද්‍යානය තුළ පිහිටි වැව් වලින් 20%ක් සිදී ගොස් ඇති බැවින් වනෝද්‍යානය තාවකාලිකව වසාදැමීම සදහා වනජීවී අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කළ බවද ඔහු සදහන් කර ඇත.
ජලය සොයා වනෝද්‍යාන පරිශ්‍රයෙන් පිටත සැරිසරන සතුන් දඩයම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන බව ද වාර්තා වේ.
වනෝද්‍යානය තුළ දැනට පවතින ජල රදවන තුළට ට්‍රක් රථ යොදා ගනිමින් ජලය ලීටර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් එක් කරන බවද උද්‍යානය පාලකවරයා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart