
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යක්කල ප්‍රදේශයේ පක්‍ෂ කාර්යාලයක් පවරාගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය අතර උණුසුම් ආරවුලක් හටගෙන ඇතැයි වාර්තා වේ.
එම කාර්යාලයේ හිමිකාරිත්වය සහ දේශපාලන අරමුණු සම්බන්ධයෙන් දෙපාර්ශවයම පරස්පර ප්‍රකාශ ඉදිරිපත් කරමින් සිටින බව පැවසේ.
ජනතා විමුක්ති පෙරමුණ එම කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කරගත් බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය එල්ල කරන චෝදනා සඳහා ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ, අදාළ ඉඩම 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් නීත්‍යානුකූලව මිලදී ගත් එකක් බවයි.
ඉඩමේ නීත්‍යානුකූල හිමිකම ඔප්පු කිරීමට අවශ්‍ය ලේඛන ඔවුන් සතුව ඇති බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙම කාරණය මූලික වශයෙන් දේශපාලන අරමුණු මත සිදුකරන ක්‍රියාවකට වඩා නීත්‍යානුකූල ඉඩම් ආරවුලක් බවයි.
ඉකුත් අඟහරුවාදා යක්කල ප්‍රදේශයේ එම ඉඩමට පැමිණි බව වාර්තා වන ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම අතර තමන් නොසිටි බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කරයි.
කෙසේවෙතත්, පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන කටයුතු ලේකම් පුබුදු ජයගොඩ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියාසිටියේ සිද්ධිය හුදු දේපළ ගැටළුවක් ලෙසින් බැහැරකළ නොහැකි බවයි.
මෙය ඉඩම් ප්‍රශ්නයක් පමණක් නොවන බවත්, එය ජාතික ගැටලුවක් ලෙස සැලකිය යුතු බවත් ඔහු පැවසීය.
එමෙන්ම ඔහු චෝදනා කළේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ යුගය සිහිගන්වමින් රජය පැහැදිලිවම ප්‍රචණ්ඩකාරී මර්දනයකට යොමුවෙමින් සිටින බවයි.
මෙම සිදුවීමෙන් හැඟවෙන්නේ රජය ඉදිරියේදී විරුද්ධ මත දරන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදහස් කරන ආකාරය බව පැවසූ පුබුදු ජයගොඩ, මෙවැනි උපක්‍රම භාවිතා කරමින් පෙරටුගාමී පක්ෂයේ අනෙකුත් දේපළ ද තම පාලනයට නතුකර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කළ හැකි බවට ද අනතුරු ඇඟවීය.
එම පක්ෂය චෝදනා කරන්නේ, ඉකුත් අඟහරුවාදා ආන්ඩුවේ ආධාරකරුවන් 100ක් පමණ බලහත්කාරයෙන් යක්කල කාර්යාලයට ඇතුළු වී පාක්ෂිකයන් ඉවත්කර පරිගණක, පොත්පත් සහ අනෙකුත් ද්‍රව්‍ය සිය භාරයට ගෙන එම පරිශ්‍රයේ පාලනය ඔවුන් යටතට ගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart