
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති ෂී ජින්පින් වෙනුවට මේ සතිය අගදී ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුවට චීන අගමැති ලී කෙකියැන්ග් සහභාගී වනු ඇති බව තහවුරු කර ඇත.
“ඉන්දියානු ජනරජයේ රජයේ ආරාධනයෙන්, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අගමැති ලී කෙකියැන්ග් සැප්තැම්බර් 09 සහ 10 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ පැවැත්වෙන 18 වැනි G20 සමුළුවට සහභාගී වනු ඇත” යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඒ අනුව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනපති ෂී ජින්පින්ගේ සහභාගිත්වයෙන් තොරව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ලෝක නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් ඉන්දියාව මෙම හමුවට සත්කාරකත්වය දරනු ලබයි.
අඟහරුවාදා සිට ඉන්දුනීසියාවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) වාර්ෂික සමුළුවට ලී කෙකියැන්ග් සහභාගී වන අතර, සිකුරාදා ජකර්තා සිට නවදිල්ලියට පියාසර කිරීමට අපේක්ෂා කෙරේ.
ලෝක නායකයන් බහුතරයක් මෙවර G 20 සමුළුවේදී, ලොව අර්බුදයට ලක්ව ඇති රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
චීනය මේ වන විට ලොව විශාතම ණය දෙන්නා බවට පත්ව ඇති නමුත්, සිය ණය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති රටවලට සහන සැලසීමේ පොදු ක්‍රියාවලියකට එක්වීම මගහරිමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart