
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නෞකා අනතුරින් ශ්‍රී ලංකාවේ පරිසරයට සිදුව ඇති හානිය වෙනුවෙන් නැව් සමාගමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දියක් ඉල්ලා සිංගප්පූරු මහාධිකරණය හමුවේ පැවරූ නඩුව ලබන මැයි 15 වැනිදාට කල්තබා ඇත. ඒ අදාළ නඩුව අද (09) පළමු වරට කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වු ගින්නෙන් ශ්‍රී ලංකාවේ සාගරයට සිදු වු හානිය ලොව විශාලතම සාගර විනාශ ලෙස සැලකෙන අතර, ඉන් සිදුවු හානියට වන්දි ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය අදාළ නඩුව පවරා ඇත.
එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකාවේ සාගර පරිසරයට සිදුව ඇති හානිය වෙනුවෙන් අදාළ නෞකාව අයත් සමාගමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 ක වන්දියක් ලබා ගත යුතු බවට විද්වත් කමිටුවක් යොදා ගනිමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සකසා ඇති වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
නෞකා සමාගමින් වන්දි ලබා ගැනීමට අදාළ වාර්තාව නීතිපති දෙපාර්තුමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව, වන්දි ලබා ගැනීම සඳහා අදාළ නඩුව නැව් සමාගම ලියාපදිංචි කර ඇති සිංගප්පුරුවේ පැවරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart