
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්ස්ප්‍රෙස් පර්ල් (MV X-Press Pearl) නෞකා අනතුර සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීම වෙනුවෙන් ඩොලර් මිලියන 250ක මුදලක් ලබාගෙන ඇත්තේ ‘චාමර ගුණසේකර’ නමැත්තෙකු බවට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ දැනුවත්වී ඇත්තේ සමගි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම හරහා බව අනාවරණය වේ. ‘චාමර ගුණසේකර’ නමැත්තෙකුගේ එක්සත් රාජධානියේ ලැයිස්තුගත කර ඇති ගිණුම්වලට ඩොලර් මිලියන 250ක මුදලක් තැන්පත් කර ඇති බව ඇතුළු අල්ලස් චෝදනාව පිලිබඳ තොරතුරු පළමුව තමා වෙත ලැබුණු බව පාර්ලිමේන්තුවේ පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා වන අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කරයි.
“පණිවිඩය මුලින් මට වට්ස්ඇප් හරහා ලැබුණු නමුත් මූලාශ්‍රය පැහැදිලි වුණේ නැහැ. මම මෙම පණිවිඩය විශ්වාස නොකළේ එය තහවුරු කිරීමට සාක්ෂි මට හමු නොවූ නිසා. කෙසේවෙතත්, මම එය තවත් කිහිප දෙනෙකුට යොමු කළා.” පාර්ලිමේන්තු මන්ත්‍රී මාන්නප්පෙරුම තහවුරු කර ඇත්තේ තමන් එම තොරතුරු තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ඇමැති විජේදාස රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙකුට යවා ඇති බවයි.
ශ්‍රී ලංකා මුහුදේ සිදු වූ එක්ස් ප්‍රෙස් පර්ල් සමුද්‍ර ව්‍යසනයෙන් සිදුවූ හානියට වන්දි ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරුවේදී නඩු පවරා ඇති බව පසුගිය සතියේ වාර්තා විය. සිංගප්පූරුවේ නීති ආයතනයක් හරහා මෙම නඩුව පවරා ඇති අතර වන්දි මුදල සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට දැනුම් දීමට නියමිත බවද වාර්තා වේ.
(Sunday Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart