October 1, 2026

වාණිජමය ගනුදෙනුවකට අදාළ පැමිණිල්ලක් මත හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙන්ම සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන්, නියෝජිතයින් සහ සේවකයින් අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට රිට් ආඥාවක් නිකුත් කර ඇත.

ඒ, සිලෝන් නිවුස්පේපර්ස් සමාගම ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, අලුතින් අනාවරණය වන සාක්ෂි පදනම් කරගනිමින් නීතිමය පියවර ගැනීමට හෝ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පවත්වාගෙන යාමට මෙම නඩු තීන්දුවෙන් කිසිදු බාධාවක් සිදු නොවන බව ද අභියාචනාධිකරණය වැඩිදුරටත් අවධාරණය කර ඇත.