
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් ඕමානය, ඉරානයේ පාර්ශවය ගතහොත් ඇමරිකාවේ මිත්‍ර රටක් වන ඕමානයට ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මක ස්වරූපයෙන් පවසා ඇතැයි වාර්තා වේ.
ඉරානයට සහ මෙම ගල්ෆ් කලාපීය රටට (ඕමානයට) එම මුහුදු මාර්ගයේ පාලනය හිමිකර දීම සඳහා වන කෙටි කාලීන එකඟතාවයකට තමන් එකඟ වන්නේදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවසුවේ, ඕමානය හොඳින් හැසිරිය යුතු බව සහ නැතහොත් තමන් ඔවුන්ව පුපුරුවා හරින බවය.
ධවල මන්දිරයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමකින් අනතුරුව ට්‍රම්ප් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, මෙම සමුද්‍ර සන්ධිය සැමටම විවෘතව පවතිනු ඇති බවයි.
“එය ජාත්‍යන්තර මුහුදු තීරයක්. ඕමානය අනෙක් හැමෝම වගේ හොඳින් හැසිරෙන්න ඕනේ, නැත්නම් අපිට සිද්ධ වෙනවා ඔවුන්ව පුපුරුවා හරින්න. ඔවුන් ඒක තේරුම් ගනීවි, ඔවුන්ට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.”
ට්‍රම්ප්ට මෙහිදී වැරදීමක් සිදුව ඇතිද? එනම් ඕමානය වෙනුවට ඉරානය යන නම සඳහන් කිරීමට අවශ්‍යව තිබුණේදැයි AFP පුවත් සේවය කළ විමසීමට ධවල මන්දිරය වහාම ප්‍රතිචාර දැක්වූයේ නැත.
ඕමානය යනු මැදපෙරදිග යුද්ධය නිමා කිරීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට උත්සාහ කළ, එමෙන්ම ටෙහෙරානයේ (ඉරානයේ) ප්රහාරයන්ටද ලක්ව ඇති, ඇමරිකාවේ ප්‍රධාන මිත්‍ර රාජ්‍යයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart