
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවෙන් පළමුවරට මන්කිපොක්ස් (mpox) වෛරස ආසාදිත බවට සැකසහිත රෝගියකු හමුව තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කළේ mpox වෛරසය පැතිර පවතින රටක සංචාරය කළ පුද්ගලයෙකු එලෙස ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති බවයි.
මෙම තරුණ පිරිමි රෝගියා රෝහලක හුදෙකලා කර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවත්, මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.
රට තුළ වෛරස පැතිර යෑම වැළැක්වීම සඳහා පූර්ව පියවර ක්‍රියාත්මක බව ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.
රෝගියා සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයන් හඳුනාගැනීමට පියවර ගෙන ඇති බව ද ඔවුහු පවසති.
කෙසේවෙතත් එම රෝගියාට ආසාදනය වී ඇත්තේ mpox වෛරසයේ කුමන ප්රභේදයදැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර නොමැත.
එහෙත් ආසාදනය තහවුරු කිරීම සඳහා පරීක්ෂණ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart