
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙවැනි ලෝක යුද සමයේ යුද ප්‍රවීණයකු වන, මිලියන ගණනක් තම කතාවලින් වසඟ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ‘Papa Jake’ ලෙස ප්රකටව සිටි ජේක් ලාසන් දිවියෙන් සමුගෙන තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 102 කි.
Papa Jake “සාමකාමීව මියගිය අතර අවසානය දක්වාම විහිළු තහළු කරමින් සිටියා” යනුවෙන් ඔහුගේ මරණය පිළිබඳ දැනුම්දෙමින් ඔහුගේ පවුලේ සාමාජිකයන් TikTok හි නිවේදනය කර තිබිණි.
ඔහුගේ අදහස් බෙදාගෙන ඔහුගේ මතකය තබාගත් සියල්ලන්ගේ ශෝකය සහ කාරුණික වචන අගය කරන බවත් එහි දැක්වේ.
1922 දෙසැම්බර් 20 වන දින මින්හි ඕවාටෝනා හි උපත ලද ලාර්සන් වයස අවුරුදු 15 දී මිනසෝටා ජාතික ආරක්ෂක බළකායට බැඳුණේ වයස අවුරුදු 18ක් යැයි පවසමිනි.
පසුව ඔහුව එක්සත් ජනපද හමුදාවේ ‘රෙඩ් බුල්’ ලෙස හඳුන්වනු ලබන 34 වැනි පාබල සේනාංකයේ 135 වැනි පාබල රෙජිමේන්තුවට අනුයුක්ත කර තිබේ.
දෙවැනි ලෝක යුද්ධය අතරතුර, ලාර්සන් අයර්ලන්තයට යොදවන ලද අතර, පසුව 1944 ජුනි 6 වැනි දින, ජර්මානු ආක්‍රමණයේදී, ඔමාහා වෙරළට පහරදුන් මිත්‍ර පාක්ෂික සොල්දාදුවන් 34,000 ගෙන් අයකු ලෙස ඔහු ඉතිහාසයට එක්ව සිටියි.
මෑත වසරවලදී, ඔහුගේ පවුලේ අයගේ සහාය ඇතිව සමාජ මාධ්‍යවල ලාර්සන්ගේ පළකිරීම් ඔහුට ගෝලීය අනුගාමිකයින් රැස්කර ගැනීම සඳහා සහාය විය.
@storytimewithpapajake නමැති ඔහුගේ TikTok පිටුවට අනුගාමිකයින් මිලියන 1.2 ක් සිටින අතර ඔහුගේ පෝස්ට් වලට මිලියන 11 කට වඩා වැඩි කැමැත්තක් දක්වා තිබිණි.
ඔහුට YouTube හි ග්රාහකයන් 16,000 කට වඩා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart