
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය හෙට සිට ඇරඹේ.
ඒ අනුව හෙට (14) පෙරවරු 09 සිට පස්වරු 02 දක්වා කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ දී එක්දින ලෝක කුසලානය ප්‍රදර්ශනය කෙරේ.
අනතුරුව හෙට පස්වරු 03ට වන් ගෝල් ෆෙස් හිදී ලෝක කුසලානය ප්‍රදර්ශනය පස්වරු 08 දක්වා පැවැත්වෙන අතර, එය දැක බලාගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
අනිද්දා (15) ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ ප්‍රධානත්වයෙන් එක්දින ලෝක කුසලානය ජනමාධ්‍යයට ප්‍රදර්ශනය කිරීම සිදුකරනු ලැබේ.
ලොව රටවල් ගණනාවක ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය ආරම්භය හෙට සිදුවන අතර, ඉන් පසු කුසලානය 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ඉන්දියාව වෙත රැගෙන යනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart