
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්වයේ ඈත එපිට පිහිටි ග්‍රහලෝකවල පිටසක්වල ජීවීන් හෝ ජීවයක් පැවැත්මට සුදුසු පරිසරයක් තිබේදැයි සෙවීම සඳහා ලොව නිර්මාණය වන විශාලතම ප්‍රකාශ සහ අධෝරක්ත දුරේක්ෂය වන Extremely Large Telescope (E-ELT) හි ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
දකුණු ඇමෙරිකාවේ චිලී රාජ්‍යයේ අටකාමා කාන්තාරයේ, මුහුදු මට්ටමේ සිට මීටර් 3,000කට වඩා උසින් පිහිටි කඳු මුදුනක මෙම දැවැන්ත දුරේක්ෂය ඉදිකෙරේ. මෙහි ප්‍රධාන කාචය මීටර් 39ක විෂ්කම්භයකින් යුක්ත වන අතර, එය පාපන්දු පිටියකින් අඩක් පමණ වන භූමි ප්‍රමාණයක් ආවරණය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වර්තමානයේ පවතින ඕනෑම ප්‍රධාන දුරේක්ෂයකට වඩා මෙය කිහිපගුණයකින් විශාල වීම විශේෂත්වයකි.
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහලෝකවල වායුගෝලය තුළ අඩංගු ඔක්සිජන්, මීතේන් සහ අනෙකුත් ජෛව-සලකුණු විශ්ලේෂණය කිරීමේ විශේෂ හැකියාවක් මෙම දුරේක්ෂයට පවතියි. පෘථිවි වායුගෝලයෙන් සිදුවන බාධා අවම කිරීම සඳහා යොදාගන්නා උසස් ‘Adaptive Optics’ තාක්ෂණය නිසා, හබල් සහ ජේම්ස් වෙබ් වැනි අභ්‍යවකාශ දුරේක්ෂවලටත් වඩා පැහැදිලි ඡායාරූප ලබාගැනීමේ හැකියාව මෙයට හිමිවනු ඇත.
පෘථිවියට අමතරව ජීවය පැවතිය හැකි වෙනත් ග්‍රහලෝක තිබේද යන්න පිළිබඳව දශක ගණනාවක් පුරා පැවති අභිරහසට මෙම දුරේක්ෂය ක්‍රියාත්මක වීමත් සමඟ පැහැදිලි පිළිතුරක් ලබාගැනීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ දැඩි විශ්වාසයක් පළකරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart