
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිදහස් චතුරශ්රයේ ඇවිදින මංතීරුව දැඩි ලෙස අබලන් වී ඇති බව පෙන්වාදෙමින්, ඒ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා බලධාරීන්ගෙන් කළ ඉල්ලීමෙන් පසු කඩිනමින් එහි ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.
අඟහරුවාදා දිනයේදී X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් හර්ෂ ද සිල්වා, සේවකයන් විසින් එහි ප්රතිසංස්කරණ කටයුතු සිදුකරන ඡායාරූප කිහිපයක් ද ප්රසිද්ධ කර තිබූ අතර, එම පියවර සම්බන්ධයෙන් සිය සතුට පළකර තිබේ.
“වැඩ ආරම්භ කරලා… හැබැයි මම මේක පෙන්වා දෙනකම්ම මෙච්චර කල් ගත්තේ ඇයි? කොහොම වුණත් හොඳයි. ස්තූතියි. දැන් ඉතින් මේක දිගටම නඩත්තු කරයි කියලා බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු එහි සටහන් කර ඇත.
පසුගිය සඳුදා දිනයේදී හර්ෂ ද සිල්වා කොළඹ මහ නගර සභාවෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියේ, ජනප්රිය ඇවිදින මංතීරුවක් වන මෙහි මතුපිට ගල් ඉස්මතු වී තිබීම විශේෂයෙන්ම වැඩිහිටි ඇවිදින්නන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන බැවින් එය කඩිනමින් ප්රතිසංස්කරණය කරන ලෙසයි.
මංතීරුවේ අබලන් වූ කොටස් අලුත්වැඩියා කිරීම සඳහා රැගෙන ආ පස් මාස ගණනාවක් තිස්සේ ප්රයෝජනයට නොගෙන දමා තිබුණේ මන්දැයි ප්රශ්න කළ මන්ත්රීවරයා, යමෙකුට බරපතළ තුවාල සිදුවීමට පෙර ක්රියාත්මක වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart