
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය ඉලක්ක කරගනිමින් එල්ලකෙරෙන ප්‍රහාර හමුවේ, කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් තබා ඇත.
‘කාන්තාවන් බලතල සහිත තනතුරුවලට පිවිසෙන විට, විශේෂයෙන්ම පසුබට නොවී, අන් අයට අවනත නොවී හෝ සමාජය අපේක්ෂා කරන රාමුවලට කොටු නොවී සිටින කාන්තාවන් සම්බන්ධයෙන්, බොහෝ විට මුලින්ම කතාබහට ලක්වන්නේ ඔවුන්ගේ කාර්යභාරය ගැන නොවේ. ඒ වෙනුවට සිදුවන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය අවුස්සමින්, එය විකෘති කරමින් සහ එය ඔවුන්ට එරෙහි ආයුධයක් ලෙස භාවිත කිරීමයි.
පොදු ජීවිතයේ නියැලෙන අප බොහෝ දෙනෙකුට ඉතා පිළිවෙලට සකස් වූ “රැකියාව සහ පෞද්ගලික ජීවිතය අතර සමබරතාවයක්” (Work-life balance) ඇති බව අපි නොකියමු. සත්‍යය නම්, අප අසීරුවෙන් සටන් කර දිනාගත් භූමිකාවන් විසින්ම අපගේ ජීවිත හැඩගස්වා ඇති බවයි. එය ඌනතාවයක් හෝ දුර්වලකමක් නොවේ. එය කැපවීමයි.
ඇතැමුන් ප්‍රසිද්ධියේ සිදුකරන, තවත් සමහරුන් නිහඬව ඉවසා සිටින හිංසනය සාමාන්‍යකරණය කිරීම අප කිසිසේත් පිළිගන්නේ නැත. නිහඬව සිටීමද එක්තරා තේරීමකි.
විචාරයක් ලෙස වෙස්ගන්වා ඇති හිරිහැර කිරීම් හෝ, ‘කැක්කුමක්’ (concern) ලෙස වෙස්ගන්වා ඇති ස්ත්‍රී ද්වේෂය (Misogyny) නොසලකා හැරීම කාන්තාවන් ලෙස අප ප්‍රතික්ෂේප කළ යුතුය.
නායකත්වය දරන, සම්ප්‍රදායන්ට අභියෝග කරන සහ තමන් සතු බලයෙන් පෙනී සිටීම නිසාම සමාජයට යම් අපහසුතාවයක් ගෙන දෙන කාන්තාවන් වෙනුවෙන් අප දිගටම පෙනී සිටින්නෙමු.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart