
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බඳවා ගැනීම්, පුහුණුව, යෙදවීම, විශ‍්‍රාම ගැන්වීම ආදී සියලූ අංශ පිරිමි පොලිස් නිලධාරීන්ට සමාන වුවත් උසස්වීම් ලැබීමේදී කාන්තා පොලිස් නිලධාරිනියන්ට අසාධාරණයක් සිදුව ඇති බව පාර්ලිමේන්තු කාරක සභාවක් අනාවරණය කරයි.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම් සහ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා වන නිර්දේශ සොයා බලා වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මන්ත්‍රීනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
වසර 26ක සේවා කාලය සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ වසර 04ක් සම්පූර්ණ කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 92 දෙනකු සිටින නමුත් ඔවුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයක් හෝ පුරප්පාඩු හඳුනාගෙන නොමැති බව මෙහිදී අනාවරණය විය.
මෙම කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීමේ ක්‍රමය සහ වැටුප් මට්ටම පිරිමි නිලධාරීන්ට සමාන වන අතර එකම පුහුණු පාසලක කිසිදු වෙනසක් නොමැතිව එක්ව පුහුණුව ලබා දෙන අතර පුහුණුවෙන් පසු යෙදවීමද වෙනසක් නොමැතිව ඒ ආකාරයෙන්ම සිදුකෙරේ. විශ්‍රාම ගැනීම ද එසේමය.
නමුත් පිරිමි නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේදී පුරප්පාඩු සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, සෑම අවස්ථාවකදීම පුරප්පාඩු සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණදෙන්නේ කාන්තා නිලධාරිනියන් පමණක් බවත් මෙහිදී හෙළිවිය.
මෙම ගැටලුවට මෙතෙක් පිළියමක් ලැබී නොමැති බවත්, එම නිසා ජ්‍යෙෂ්ඨත්වය අඩු පිරිමි නිලධාරීන්ට උසස්වීම් ලැබෙන අතරේ කාන්තා නිලධාරිනියන්ට දීර්ඝ කාලයක් එකම තනතුරේ සිටීමට සිදුව ඇති බවත් මෙහිදී ප්‍රකාශ විය.
පොලිස් සේවයේ සමස්ත බලකායෙන් 15%ක් දැනට කාන්තා නිලධාරිනියන් විසින් සේවයේ යොදවා ඇති බැවින් මෙම ගැටලුව විසඳීම සඳහා පවතින පුරප්පාඩුවලින් 15%ක් කාන්තා නිලධාරිනියන් සඳහා වෙන්කළ යුතු බවට කමිටු සභාපතිවරිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart