
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නේපාලයේ දී පැවැත්වෙන 55වැනි ආසියානු කායවර්ධන තරගාවලියේ දී පළමුවරට මෙරට නියෝජනය කරමින් එක් වූ කාන්තා කණ්ඩායම සියලු තරග අංශවලින් දස්කම් දක්වා ඇත.
තරග අංශ 05ක් නියෝජනය කළ කාන්තා කණ්ඩායම රිදී පදක්කම් දෙකක්, සිව්වන ස්ථානයක් සහ 07 වැනි ස්ථානයක් දිනා ගත් බව ද සදහන් වේ.
ශ්‍රී ලංකාව පළමු වරට සහභාගී වූ මෙම තරගාවලියේ දී හෂිනි හේවගේ Women Model Physique 165cm අංශයෙන් සහ උදානි අමරසිංහ Women Sport Physique 175cm අංශයෙන් රිදී පදක්කම් දිනාගෙන ඇත.
Women Athletic Physique Over 165cm අංශයෙන් මධූශි අමරසිංහ සිව්වැනි ස්ථානය ද, 20 හැවිරිදි යොවුන් ක්‍රීඩිකා කෞෂල්‍යයා වොශිනි 55kg වැඩි බර කාණ්ඩයේ හත් වැනි ස්ථානය සහ Women Junior Fitness Physique අංශයේ හය වැනි ස්ථානය ද හිමි කරගෙන තිබේ.
වසීම් ස්ටීවන් Mens Sport Physique 170cm කාණ්ඩයේ 05 වන ස්ථානය ද හිමිකරගෙන ඇත.
මේ මස පළමුවැනිදා නේපාලයේ කත්මණ්ඩු නුවර දී ආරම්භ වූ තරගාවලිය අද දින අවසන් වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart