May 4, 2024

මාස දෙකක් වයසැති තමන්ගේම බිළිඳු දියණිය ළිඳකට දමා ඝාතනය කළ බව කියන කල්පිටිය – කන්දකුඩාව ප්‍රදේශයේ 32 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

තම සැමියා ඔවුන් දෙදෙනාට සැළකිල්ලක් නොදැක්වීම හේතුවෙන් මව විසින් බිළිඳිය ඝාතනය කර ඇති බව පැවසේ.

කන්දකුඩාව ප්‍රදේශයේ ළිඳක තිබී පෙරේදා (මැයි 02) උදෑසන හමුවී ඇති බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් ‘119’ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව කල්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය මාස දෙක හමාරක බිළිඳිය අසනීපයකින් පෙළෙමින් සිට ඇති අතර, සිත් තැවුලට පත් මව විසින් බිළිඳිය නිවස පිටුපස ළිඳට දමා ඇත්තේ සැමියාගේ රැකවරණය නොලැබීම නිසා බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

32 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.