
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් හය කෝටි දහඅට ලක්ෂයක් (රුපියල් මිලියන 61.8ක්) වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ විදෙස් කාන්තාවක් අද (14) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන පිලිපීන ජාතික කාන්තාවකි.
ඇය හොංකොං නුවර සිට කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එක්ස්.- 611 (CX-611) දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට යෑමට උත්සාහ කිරීමේදී ඇති වූ සැකය මත ඇය සතු ගමන් මලු දෙකක් පරීක්ෂා කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ.
එහිදී එම ගමන් මලු තුළ පැකට් 5ක අසුරා තිබූ බර කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 180ක් වූ මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර විදෙස් කාන්තාව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකිරීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart