
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ආනයනය කෙරෙන භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ රේගු ආඥාපනත යටතේ, 2023 ජූනි 30 වන දින අංක 2338/54 අති විශේෂ ගැසට් පත්‍රය සාකච්ජාවට ගත් අවස්ථාවේදීය.
ඒ යටතේ 15%ව පැවති බදු ගාස්තු 5% දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.
ඒ සඳහා අනුමැතිය ලබාදෙමින් කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේ මෙම වෙළඳ ගිවිසුම මගින් මෙරටට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්නයි.
ඊට පිළිතුරු ලබා දුන් නිලධාරියකු ඒ පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමට නොහැකි වු බව පවසා තිබේ.
ඒ පිළිබඳව කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සිය අප්‍රසාදය පළකරමින්, සිංගප්පුරු වෙළඳ ගිවිසුම හා කටයුතු සිදුකරන ප්‍රධාන නිලධාරියාට මෙම ගිවිසුම පිළිබඳව තාර්කාණුකූලව කරුණු ඉදිරිපත් කරමින් සති 6ක් තුළ වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙස නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart