
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2017 වසරේදී සීගිරි පර්වතය විදීම සහ බර යන්ත්‍රෝපකරණ සවි කිරීම හේතුවෙන් පර්වතයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නියෝග කර තිබේ.
පෙත්සමක් සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 20 වැනිදා නිකුත් කළ තීන්දුවක් මගින් කොමිසම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතිය වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.
ජාතික වැදගත්කමකින් යුත් කටයුතුවලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංස්කෘතික ත්‍රිකෝණය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යන ආයතනවල සාමූහික අධීක්ෂණය යටතේ නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවද කොමිසම අවධාරණය කර තිබේ.
පෙත්සම්කරු වන දීමන් ආනන්ද සිය පෙත්සම මගින් චෝදනා කර තිබුණේ 2017 වසරේදී මෙම ලෝක උරුම භූමියේ සිදුකළ සංරක්ෂණ සහ සංවර්ධන කටයුතු හේතුවෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි විනාශ වෙමින් පවතින බවයි. පර්වතයේ සිදුරු විද ඇති බවත්, ඊට යන්ත්‍රෝපකරණ සවි කර ඇති බවත්, සිංහපාදය වෙනස් කර ඇති බවත්, පැරණි සෙල්ලිපි ඉවත් කර ඇති බවත් ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දී තිබිණි.
පෙත්සම්කරුගේ පැමිණිලි සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ බව පවසන මානව හිමිකම් කොමිසම, භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා පර්වතය පාමුල සිට මුදුන දක්වා කේබල් පද්ධතියක් සවි කර ඇති බවත්, ඒ සඳහා උපකරණ පර්වතයට සවි කර ඇති බවත් නිරීක්ෂණය වූ බව සඳහන් කරයි. එමෙන්ම විදුලි උපකරණ භාවිතයෙන් පර්වතය විද ඇති බවත්, පැරණි බදාම සංරක්ෂණය කිරීමේදී නවීන බදාම සහ සිමෙන්ති භාවිත කර ඇති බවත් කොමිසම අනාවරණය කරගෙන තිබේ.
මෙම ඉදිකිරීම් කටයුතුවලදී නිසි අනුමැතියක් හෝ විධිමත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ බවට තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත්, සීගිරියේ වැදගත්ම ස්වාභාවික හා සංස්කෘතික අංගය වන පර්වතයට ඉන් හානියක් සිදුව ඇති බවත් කොමිසම නිගමනය කර ඇත. තවද, නිසි ක්‍රියාපටිපාටියකින් තොරව සිදුකරන සංවර්ධන කටයුතු මගින් සංස්කෘතික හා පාරිසරික උරුමයන් පිළිබඳ අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි බවද කොමිසම පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, පැරණි සෙල්ලිපි ඉවත් කර ඇති බවට පෙත්සම්කරු කළ චෝදනාව තහවුරු කිරීමට ඔහුට නොහැකි වූ බවත්, සීගිරිය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත්තේ ශිලා ලේඛන හතක් පමණක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කොමිසමට දැනුම් දී ඇති බවත් එම තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.
පුරාවිද්‍යාත්මක ස්ථානවල ඇති වැදගත්කම අවධාරණය කර ඇති කොමිසම, අදාළ බලධාරීන් හරහා මේ සම්බන්ධයෙන් පියවර ගැනීම සහ පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ඒවායේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කිරීම තහවුරු කිරීම සඳහා නිර්දේශ කිහිපයක් ද ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart