
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිකුණාමලය සහීරා විද්‍යාලයේ මුස්ලිම් ශිෂ්‍යාවන් 70 දෙනකුගේ පමණ උසස් පෙළ විභාග ප්‍රතිඵල අත්තනෝමතික ලෙස අත්හිටුවීමට පියවර ගැනීමෙන් විභාග දෙපාර්තමේන්තුව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබේ.
2024 ජනවාරි මාසයේදී පැවැත්වුණු අපොස උසස් පෙළ විභාගයේදී, විභාග අපේක්ෂකයින්ගේ කන් පැහැදිලිව පෙනෙන පරිදි තිබිය යුතුය යන රීතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් විභාග දෙපාර්තමේන්තුව මෙම ශිෂ්‍යාවන්ගේ ප්‍රතිඵල රඳවා තබාගෙන තිබිණි.
විද්‍යුත් උපකරණ භාවිතයෙන් සිදුවන විභාග වංචා වැළැක්වීම සඳහා මෙම රීතිය පනවා තිබූ බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවද, දිවයිනේ වෙනත් කිසිදු මධ්‍යස්ථානයක අපේක්ෂකයන් හඳුනාගැනීමේදී මෙම රීතිය මෙලෙස අර්ථකථනය කර නොමැති බව මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල ප්‍රාදේශීය මානව හිමිකම් කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කළ අතර, පසුව වින්දිත ශිෂ්‍යාවන් 20 දෙනකු විසින් කොමිසමට නිල වශයෙන් පැමිණිලි ඉදිරිපත් කරන ලදී.
එහිදී ශිෂ්‍යාවන් ප්‍රකාශ කළේ විභාගය අතරතුර තමන් සාමාන්‍යයෙන් පළඳින තද ‘හිජාබ්’ වෙනුවට, කන් පැහැදිලිව දෘශ්‍යමාන වන පරිදි බුරුල් සළු (loose shawls) භාවිත කළ බවයි.
විභාග මධ්‍යස්ථාන භාර නිලධාරීන්, ශාලාධිපතිවරුන් සහ අධීක්ෂකවරුන් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ විභාගය අතරතුර මෙම ශිෂ්‍යාවන්ට එරෙහිව කිසිදු පැමිණිල්ලක් වාර්තා වී නොතිබූ බවත්, ඔවුන් විභාග නීති උල්ලංඝනය නොකළ බවත්ය.
මානව හිමිකම් කොමිෂන් සභාව සිය නීතිමය විශ්ලේෂණයේදී පෙන්වා දී ඇත්තේ, හිජාබ් හෝ ආගමික හිස් වැසුම් පැළඳීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(e) වගන්තිය යටතේ ආරක්ෂා කර ඇති ආගම ඇදහීමේ මූලික අයිතිවාසිකමක් වන බවයි.
විභාගයේ පාරිශුද්ධභාවය ආරක්ෂා කිරීමට නීති පැනවීමේ අයිතියක් තිබුණද, සිසුන් කන් පෙනෙන සේ විකල්ප සළු පැළඳ සිටියදී ඔවුන්ගේ ප්‍රතිඵල රඳවා තබා ගැනීම අසමානුපාතික සහ අසාධාරණ ක්‍රියාවක් බව කොමිසම අවධාරණය කර තිබේ.
මෙය මුස්ලිම් දැරියන් වීම නිසාම ඔවුන් ඉලක්ක කර ගනිමින් සිදුකළ ලිංගික, ආගමික සහ වාර්ගික වෙනස්කොට සැලකීමක් බව ද කොමිසම නිගමනය කර ඇත.
2024 ජූලි මාසයේදී කොමිසම මැදිහත් වී ප්‍රතිඵල නිදහස් කිරීමට කටයුතු කළ ද, විභාග දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විශ්වසනීය අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා නොතිබිණි.
ඒ අනුව, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය හා පරිපාලනමය පියවර ගන්නා ලෙසත්, ඉදිරි විභාග මධ්‍යස්ථාන සඳහා ප්‍රමාණවත් තරම් දෙමළ භාෂාව කතාකරන කාන්තා නිලධාරිනියන් අනුයුක්ත කිරීමට පියවර ගන්නා ලෙසත් මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart