
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් තහනම් කරන ලද නිළධාරියකු කුවේට්හි ෂෙයික් අහමඩ් අල්-ෆහාඩ් අල්-සබා තායිලන්තයේ බැංකොක් නුවර හෝටලයකදී හමුවීමෙන් පසු IOCහි ආචාර ධර්ම කමිටුවේ දැඩි පරීක්ෂාවට ලක්ව ඇත.
මැක්ස්වෙල් ද සිල්වා සහ කුවේට්හි හයිඩර් ෆර්මානන්ද අල්-සබා සමඟ රහසිගත සාකච්ඡාවක දර්ශන සීසීටීවී කැමරාවල සටහන් වීමෙන් පසු IOC ආචාර ධර්ම කමිටුව මෙම සිද්ධිය විමර්ශනය කරන බව වාර්තා වේ.
මෙය සිදුවී ඇත්තේ, ජූලි 08 වැනිදා බැංකොක් නුවර පැවති මතභේදාත්මක ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ (OCA – Olympic Council of Asia) ඡන්ද විමසීමට පැය 24 කට පමණ පෙරය.
කෙසේවෙතත් එවැනි සිදුවීමක් පිළිබඳව තමා නොදන්නා බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් සඳහන් කරයි.
IOC සභාපති තනතුරට තරග කළ ඔහුගේ සොහොයුරා වන ෂෙයික් තලාල් ෆහාඩ් අල් අහමඩ්ට සහාය දක්වමින් වෙනත් සාමාජික රටවලින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලික ජෙට් යානයකින් බැංකොක් වෙත පියාසර කළ ෂෙයික් අහමඩ් අල්-ෆහාඩ් අල්-සබා හමුවීමෙන් වළකින ලෙස IOC ආචාර ධර්ම කමිටුව මීට පෙර එහි සාමාජිකයන්ට දන්වා ඇත.
IOC හි ආචාර ධර්ම ප්‍රධානී සහ අනුකූලතා නිලධාරි Pâquerette Girard Zappelli විසින් මැතිවරණවලට මැදිහත් නොවන ලෙස කුවේට් නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක ඇමැතිවරයාවන ෂෙයික් අහමඩ් අල්-ෆහාඩ් අල්-සබාට උපදෙස් දී තිබේ.
ඔහුගේ බැංකොක් සංචාරයෙන් පසුව එය ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ මැතිවරණ ක්‍රියාවලිය සෘජුවම උල්ලංඝනය කිරීමක් ලෙස සළකනු ලැබූ අතර, පැවැත් වූ රහස් රැස්වීම් මාලාව අවසානයේ IOC විසින් ඔහුට වසර තුනක තහනමක් පැනවීමට හේතු වී ඇත.
IOC හි ආචාර ධර්ම කමිටුව සඳහන් කර ඇත්තේ, ෂෙයික් අහමඩ් ඔහුගේ හෝටල් කාමරයේ සිට එම මැතිවරණය පාලනය කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවල් ඔහුගේ සහෝදරයාට සහාය දැක්වීමට අවසාන මොහොතේ ඔවුන්ගේ ඡන්දය මාරු කළ බවත්ය.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart