
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තහනම් සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුවට පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර 2018 දී ඉන්දියාවේ පිහිටුවන ලද මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමක් අලුතින් ඇතුළත් කර තිබේ.
සංශෝධිත ලැයිස්තුව ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය මෙම සතියේ නිකුත් කර තිබිණි.
එම ලැයිස්තුවට අලුතින් ඇතුළත් කරන ලද ‘සුපර් මුස්ලිම්’ හෙවත් ‘සහබි තාරිකා’ ලෙස හැඳින්වෙන මෙම සංවිධානය 2019 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ජනවාරි 6 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව, කල්මුණකුඩි හි ලිපිනයක් සහිත එම සංවිධානය ටෙලිග්‍රෑම් නාලිකාවක් හරහා ක්‍රියාත්මක වේ.
2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ නියාමන පනතේ 4(7) වගන්තිය ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ත්රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදීම සහ ත්‍රස්තවාදී අරමුදල් සැපයීම සඳහා දෙමළ ඩයස්පෝරාව සහ මුස්ලිම් සංවිධානවලට තිබූ තහනම ද සංශෝධිත ලැයිස්තුව මගින් දීර්ඝ කරන ලදී.
දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සහ ජාතික තව්හීද් ජමාත් (NTJ) හැරුණු විට, ලැයිස්තුවේ රැඳී සිටින අනෙකුත් කණ්ඩායම් අතර දෙමළ පුනරුත්ථාපන සංවිධානය (TRO), ලෝක දෙමළ ව්‍යාපාරය (WTM), දෙමළ ඊලාම් අන්තර්ජාතික රජය (TGTE), ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් (JMI), විලයාත් අස් සෙයිලානි (WAS) සහ ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය (SLISM) යන සංවිධාන ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart