
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුප්‍රකට විස්ඩන් සගරාව(WISDEN) විසින් නම් කර ඇති 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම සදහා ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රිඩක මතීෂ පතිරණ නම් කර තිබේ.
එමෙන්ම, තරගාවලියේ වැඩිම ලකුණුලාභියා සහ වටිනාම ක්‍රීඩක සම්මාන දිනාගත් සුබ්මන් ගිල්, ෆෆ් ඩුප්ලේසිස් ද ඊට නම් කර තිබේ.
අයි.පි.එල් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය රැස්කල යස්වි ජයිස්වාල්,සුර්යකුමාර් යාදව්,හෙන්රික් ක්ලාසින්,රින්කු සින්ක් සහ රවින්ද්‍ර ජඩේජා ද විස්ඩන් සගරාව නම් කළ කණ්ඩායමට ඇතුළත් වේ.
අයි.පි.එල්. අනුශුරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ පන්දු බලඇණියේ මොහොමඩ් සමී (තරගාවලියේ වැඩිම කඩුලුලාභියා), රෂිඩ් ඛාන් සහ මොහිත් ෂර්මාද 2023 විස්ඩන් අයි.පි.එල්. කණ්ඩායමට නම් කර තිබේ.
එමෙන්ම විස්ඩන් විසින් නම් කළ කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයින් 04 දෙනකුද එක්කර ඇත. එලෙස නම් කර ඇත්තේ ග්ලෙන් මැක්ස්වෙල්,මොහොමඩ් සිරාජ්, අක්ෂාර් පටෙල් සහ නිකොලස් පූරන් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart