
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
‘පුවක්දණ්ඩාවේ සනා’ ලෙසද හඳුනාගෙන ඇති බෙලිඅත්තේ සනා නමින් හැඳින්වෙන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වීරවංශ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදුකර ඇති බව පොලිසිය පැවසීය.
තම ප්‍රකාශයේ දී විමල් වීරවංශ පවසා ඇත්තේ, සැකකරු කිසි දිනෙක හමු වී නොමැති බවත්, ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු ලෙස හඳුනාගෙන නොමැති බවත්ය.
පොලිසිය ප්‍රකාශ කරන පරිදි පහතින් දැක්වෙන්නේ විමල් වීරවංශ එහිදී අනාවරණය කර ඇති තොරතුරු ය.
01. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය තමා විසින් කිසි දිනක දැක නොමැති බවත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස කිසිදු අවස්ථාවක හඳුනා ගෙන නොමැති බවය.
02. මත්ද්‍රව්‍ය ගෙන එන්නේ රාජ්‍ය අනුග්‍රහය මත හා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේ රාජ්‍ය අනුග්‍රහය මත බව තමා පැවසුවේ පවතින පොදු තත්වය මත මිස මෙම සිදුවීම සම්බන්ධව නොවන බවත්ය.
03. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු බව පැවසුවේ එම දිනවල මාධ්‍ය මගින් අනාවරණය කල තොරතුරු මත බවය.
04. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ගරු ජනාධිපති තුමා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා පුවක්දණ්ඩාවේ සනා යන අයගේ නිවසට පැමිණ ආහාර ගත් බව නොව එම ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ආහාර ගත් බව තමා විසින් දැන ගත් බවය.
05. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් එවැනි ප්‍රමාද කිරීමක් සිදු කල හැකි බවට තමා තුල පැවති විශ්වාසය හේතුවෙන් බවත්ය.
ඒ අනුව 2025.10.02 වන දින මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කරන ලද ප්‍රකාශ වලට අදාලව කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් ඔහු විසින් ඊයේ (09) දින ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේදී ඉදිරිපත් කර නොමැත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart