
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරාධිපති හිමියන් විසින් ගොනුකරන ලද රිට් පෙත්සම අප්‍රේල් 28 වන දින නැවත කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
එම විහාරස්ථානයේ කොටසක් කඩාදැමීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නියෝගයක් ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් මෙම පෙත්සමින් ඉල්ලා සිටින බව වාර්තා විය.
මෙම පෙත්සම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන් විසින් ඉදිරිපත් කර ඇත.
මෙම නඩුව අද දින ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී.
නඩුව සමථයකට පත්කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම වෙනුවෙන් පෙත්සම අප්‍රේල් 28 වැනි දින නැවත කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart