
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, දේශපාලන විසඳුම් සහ සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කරමින්, අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට සිය පක්ෂයට කිසිදු ගැටළුවක් නොමැති බව ප්‍රකාශ කළේය.
ජනමාධ්‍ය අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් අනාවරණය කළේ පසුගිය දිනවල පැවති රැස්වීම් කිහිපයකදීම ආණ්ඩුව විසින් පිරිනමන අමාත්‍ය ධූර පිළිනොගත යුතු බවට මත පළවූ බවයි.
“ස්ථිර දේශපාලන විසඳුමක් ලබාදෙන තුරු අපි මධ්‍යම ආණ්ඩුවට එක් නොවිය යුතු බවට මතයක් ද තිබුණා,” ඔහු පැවැසීය.
කෙසේවෙතත්, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්තිය එය නොවන බව පෙන්වා දුන් සුමන්තිරන්, ආණ්ඩුව සහයෝගීතා වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව සළකා බැලිය යුතු බව ප්‍රකාශ කළේය.
අමාත්‍ය ධුර වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කිසිදු ක්‍රියාමාර්ගයක ඉල්ලීමක් නොකරන බව ප්‍රකාශ කළ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයා ඵලදායී වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ විට සියලු දෙනා එක්ව ඉදිරියට යා යුතු බවද කියාසිටියේය.
“අපිට ආණ්ඩුව සමඟ සාකච්ඡා කර දේශපාලන විසඳුමක් ඇතුළු අපේ ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහා විසඳුම් සෙවිය හැකියි. ඒ අතරම වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart