
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ග්‍රීන් කාඩ්’ හෙවත් අමෙරිකානු වීසා හිමිවන ලොතරැයි ක්‍රියාවලිය වහාම අත්හිටුවන බව, අද(19) එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොඑම් නිවේදනය කළාය.
ඇය සඳහන් කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ලබාදුන් නියෝගයක් මත එම තීරණය ගත් බවයි.
සිසුන් දෙදෙනකුට දිවි අහිමි කරමින් පසුගියදා අමෙරිකාවේ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදුවූ වෙඩිතැබීමේ සැකකරු අමෙරිකාවට පැමිණ ඇත්තේ ග්‍රීන් කාඩ් වීසා හරහා බව අනාවරණය වීම හේතුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා එම නියෝගය නිකුත් කර තිබේ.
බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ වෙඩිතැබීම සහ M.I.T විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වෙඩිතබා ඝාතනය කිරීම යන සිදුවීම්වල ප්‍රධාන සැකකරු වන්නේ පෘතුගාලයේ සිට අමෙරිකාවට සංක්‍රමණය වූ, 48 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු 2017 වසරේ අමෙරිකාවේ ස්ථිර පදිංචියද ලබාගෙන තිබේ.
අදාළ සැකකරු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව අද විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේය.
“විවිධත්ව සංක්‍රමණ වීසා හෙවත් ග්‍රීන් කාඩ්”, අහඹු පරිගණක දිනුම් ඇදීමක් හරහා, සංක්‍රමණ අනුපාත අඩු රටවල පුරවැසියන්ට හිමිවන අතර එක් වසරකට නිකුත් කෙරෙන ග්‍රීන් කාඩ් වීසා සංඛ්‍යාව 55,000කට ආසන්න වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart