
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර බෝවන Meningococcal රෝගය පැතිර යන සන්දර්භය තුළ, අදාළ බැක්ටීරියාව සමාජය තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති.
එය බෝවන රෝගයක් බැවින් බන්ධනාගාරයට පැමිණි පුද්ගලයන්, ආසාදිත රැඳවියන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූයේ නම් බැක්ටීරියාව බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමේ හැකියාවක් පවතින බව බෝවන රෝග රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වාදෙයි.
කෙසේ වෙතත්, මෙම බැක්ටීරියාව බාහිර සමාජයට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරයි.
“රැඳවියන්ට සහ කාර්ය මණ්ඩලයට ද රෝග නිවාරක ප්‍රතිජීවක ලබා දී තිබෙනවා. රෝගයේ මූලික මූලාශ්‍රය හඳුනා ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා” ඔහු වැඩිදුරටත් පවසයි.
මීට අමතරව, මෑතකදී බන්ධනාගාරයට පැමිණි පිටස්තර පුද්ගලයන් සොයාගැනීමට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) වෙත දැනුම් දී ඇති බව වෛද්‍ය විජේසූරිය සඳහන් කරයි.
මේ අතර පවතින තත්ත්වය හමුවේ ගාල්ල බන්ධනාගාරයේ සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, Meningococcal යනු Neisseria meningitides නම් බැක්ටීරියාව මගින් බෝවන රෝගයක් වේ. එය මොළයේ සහ සුෂුම්නාවෙහි ආසාදනයක් වන මෙනින්ජයිටිස් ඇති කළ හැකි අතර එය රුධිර ආසාදනවලටද හේතු විය හැක.
තවත් රැඳවියන් දහසය දෙනෙකු එම ආසාදනය සඳහා දැනට ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර ඇත.
මේ අතර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 1,023ක් රඳවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart