May 24, 2026

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර 2020 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති (DIG) ධූරයට උසස් කිරීමට පියවර ගන්නා ලෙස පරිපාලන අභියාචනා මණ්ඩලය ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී 2020 වසරේදී පොලිස් සේවයෙන් වැඩ තහනමකට ලක් වූශානි අබේසේකර, නැවත 2024 වසරේදී සේවයේ පිහිටුවනු ලැබීය.

තමන් දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බවත්, ඒ හේතුවෙන් තමන්ට හිමිවිය යුතු උසස්වීම් අහිමි වූ බවත් පවසමින් ඔහු පරිපාලන අභියාචනා මණ්ඩලය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි.

වාර්තා සඳහන් කරන්නේ, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම උසස්වීම ස්ථීර කිරීමෙන් අනතුරුව ද ශානි අබේසේකර අඛණ්ඩව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයේම කටයුතු කරනු ඇති බවයි.