
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් තෝරා පත් කර ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2025 මාර්ගෝපදේශ රජය අමුඅමුවේ උල්ලංඝනය කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
කිසිදු පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මුළු සාමාජිකත්වයෙන් 50%කට වඩා ලබාගෙන නොමැති තත්ත්වයන් සඳහා ගත යුතු ක්‍රියාපටිපාටි එම මාර්ගෝපදේශවල සඳහන් කර ඇති බව ඔහු පැවසීය.
එමෙන්ම ප්‍රේමදාස කියාසිටියේ පළාත් පාලන ආයතන කිහිපයක මෙම ක්‍රියාපටිපාටි අනුගමනය කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස විපක්ෂය සහ සමගි ජන බලවේගය ආයතන රැසක බලය ලබාගත් බවයි.
කෙසේවෙතත්, ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම වෙනස්කරන ලෙස වත්මන් රජය නිලධාරීන්ට බලපෑම් කිරීමට පටන් ගෙන ඇති බව ඔහු පැවසීය.
එමෙන්ම සජිත් ප්‍රේමදාස කියාසිටියේ සම්මත ඡන්ද ක්‍රියා පටිපාටි නොසලකා හැරීමට, කොළඹ මහනගර සභාව වැනි ආයතනවලදී රහසිගත හෝ විවෘත ඡන්ද සඳහා ඉදිරිපත් වූ නීත්‍යානුකූල මන්ත්‍රී ඉල්ලීම් අභිබවා යෑමට ඇතැම් කොමසාරිස්වරුන්ට බලපෑම් කරන බවයි.
මෙම ක්‍රියාවන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම සජිත් ප්‍රේමදාස කියාසිටියේ පළාත් පාලනයට ප්‍රජාතන්ත්‍රය වෙත සිදු කරන නීතිවිරෝධී ඇඟිලි ගැසීම්වලට එරෙහි වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ නගරාධිපති ධූරයට සභිකයෙකු තෝරා පත්කර ගැනීම සඳහා ඊයේ පැවැති රහස් ඡන්දයේදී සමගි ජනබලවේගයේ නගරාධිපති අපේක්ෂකයා පරාජයට පත්වීමෙන් පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart