
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩුබායි හි පැවැත්වෙන ආසියානු කුසලාන තරඟයේදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැති තරගයේදී ඉන්දීය ක්‍රීඩකයන් පාකිස්ථාන ක්‍රීඩකයන්ට අතට අත ලබානොදීම සම්බන්ධයෙන් මතභේදයක් පැනනැගීමෙන් පසු තරඟ තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් වහාම ඉවත් කරන ලෙස පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි ඉල්ලීමක් කර තිබේ.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියා ද වන නක්වි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට විධිමත් පැමිණිල්ලක් සිදුකරමින් පවසා ඇත්තේ, පයික්‍රොෆ්ට් පාකිස්ථාන නායක සල්මන් අලි අගාට කාසියේ වාසියේ දී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් සමඟ අතටඅත නොදෙන ලෙසට උපදෙස් දුන් බවයි.
මෙම නියෝගය Marylebone Cricket Club විසින් සම්පාදනය කරන ලද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහය සහ ක්‍රිකට් ගුණාත්මකභාවය උල්ලංඝනය කිරීමක් බව පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය පවසයි.
ඉන්දියාව කඩුලු 7කින් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව පාකිස්ථාන ක්‍රීඩකයන් අතටඅත දීමට උත්සාහ කළත් ඉන්දීය පිල ඊට ප්‍රතිචාර දක්වා නොතිබිණි.
පාකිස්ථාන පුහුණුකරු මයික් හෙසන් පැවසුවේ, ඉන්දියාවේ ක්‍රියාව හමුවේ කණ්ඩායම හෑල්ලූවට ලක් වූ බව හැඟුණු අතර නායක ආගා ඊට විරෝධය පළ කරමින් තරගයෙන් පසු ඉදිරිපත් කිරීම මග හැරිය බවයි.
කෙසේවෙතත් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලෙන් පකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පවසා සිටින්නේ තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා ඇන්ඩි පයික්‍රොෆ්ට් ඔහුගේ රාජකාරිවලින් ඉවත් කරන ලෙසයි.
අතටඅත දීමෙන් වැළකී සිටීමේ තීරණය රජයේ සහ අධ්යක්ෂ මණ්ඩල නියෝගවලට අනුකූල බව ඉන්දීය ජනමාධ්‍යවල වාර්තා වුවද ඉන්දියාව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැත.
පාකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියකු සඳුදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියේ, පයික්‍රොෆ්ට් තරඟාවලියෙන් ඉවත් නොකළහොත් ආසියානු කුසලානයේ ඉතිරි තරඟවලින් පාකිස්ථානය ඉවත් වීමට ඉඩකඩ පවතින බවයි.
කෙසේවෙතත් පකිස්ථානයේ පැමිණිල්ලට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තවමත් ප්‍රතිචාර දක්වා නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart