
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරම සුළංබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යොමුකළ ලිපියට අදානි සමාගම සති දෙකක් ඇතුළත පිළිතුරු ලබාදුන් බැවින් ව්‍යාපෘතිය තවමත් සක්‍රීයව පවතින බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ජනමධ්‍ය වාර්තා කරයි.
එම නිලධාරියා මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත්තේ, අදානි සමාගම මන්නාරම සුළංබල ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බැවින් එම ව්‍යාපෘතිය වෙනත් පාර්ශවයකට ලබාදෙන්නේ දැයි දැන් විමසූ අවස්ථාවේදීයි.
එමෙන්ම, බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කිරීම සඳහා අධිකරණ තීන්දු සහ නීතිපතිවරුන්ගේ නිෂ්කාශන සඳහා බලාසිටින බවත් අධිකරණයේ අවසරය හිමිවන තුරු කිසිදු තීරණයක් ගත නොහැකි බවත් එම නිලධාරියා පවසා තිබේ.
ව්‍යාපෘතියෙන් ඉවත්වීමේ අභිප්‍රාය පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට කළින් දැනුම්දුන් දේ අදානිගේ ලිපියෙන් නැවත අවධාරණය කර ඇතත්, ඔවුන් ප්‍රකාශ කළේ සාකච්ඡා සඳහා විවෘත බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ මෙරට සංචාරය කිරීමට නියමිතව ඇති අතර එහිදී මෙම ප්රශ්නය අවධානයට ලක්විය හැකි බවට ද කතාබහක් ඇති වූ නමුත් එය න්යායපත්රයට ඇතුළත් නොවන බව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බහුවිධ ආරංචි මාර්ග පවසා තිබේ.
මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉකුත් දා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ මන්නාරමේ සුළං බල ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් අදානි සමූහය උනන්දු නොවන්නේ නම් ව්‍යාපෘතිය වෙනත් සමාගමකට ලබාදෙන බවයි.
“අපි අදානි සඳහා දේශීය නියෝජිතයාගෙන් අවසන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අදානි සමාගම එයින් ඉවත් වීමට තීරණය කළහොත් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව වෙනත් සමාගමකට ලබාදෙනවා” යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
කෙසේවෙතත් මෙරට සංවර්ධනය නිරීක්ෂණය කරන මූලාශ්‍ර පැවසුවේ අවිධිමත් ලෙස ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍යාංශය අනෙකුත් ආයෝජකයන් වෙත ළඟා වී ඇති බවයි.
වත්මන් ආණ්ඩුව පවසන පරිදි සූර්ය බලශක්තිය ඇතුළු සියලුම අනාගත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තරඟකාරී ටෙන්ඩර්වලින් මත ලබාදීමට සැලසුම් කර තිබේ.
අදානි සමඟ ඇති ප්රශ්නය ඒකකයට අයකෙරෙන මුදල සම්බන්ධවය.
මතභේදයට තුඩු දී ඇති මෙම ගාස්තු ප්රශ්නය සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart