
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව යන වචනය යටත් විජිත සමය තුළ වහල්භාවයේ සංකේතයක් බව අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය අදහස් කරනවය යන්න පසුගිය ඉන්දීය ජනමාධ්‍ය ඔස්සේ වාර්තා විය.
එමනිසා ඉන්දියාවේ නම භාරතය ලෙස වෙනස් කිරීම පිළිබඳ යෝජනාවක් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.
නවදිල්ලියේ පැවැත්වෙන G20 සමුළුවට සහභාගී වන ආරාධිතයන්ට පසුගිය අඟහරුවාදා යවන ලද ආරාධනා පත්‍රයේ “ඉන්දියාවේ ජනාධිපති” වෙනුවට “භාරත්හි ජනාධිපති” ලෙස හදුන්වාදීම මෙම කතාබහේ නවතම වර්ධනයයි.
භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු එදින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෝදි ඉන්දුනීසියාවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ (ASEAN) සමුළුවට “භාරත්හි අගමැති” ලෙස සහභාගී වන බවයි.
මෙම කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අදහස් දක්වා ඇත.
එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස්ගේ ප්‍රකාශකයෙකු වන ෆර්හාන් හක් පවසා ඇත්තේ, නම වෙනස් කිරීම සදහා ඉන්දීය රජයෙන් නිල වශයෙන් ඉල්ලීමක් ලැබුණහොත් සංවිධානය ඒ පිළිබද සළකා බලන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart