
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානයට එල්ල වී ඇති ත්‍රස්ත තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තා වීමත් සමග ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට ප්‍රතිචාර දක්වා තිබේ.
ඔවුන් පවසන්නේ ඒ සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය ගන්නා තීරණය අනුව කටයුතු කරන අතර අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට ICCය සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බවයි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩයේ උප සභාපති රජීව් ශුක්ලා පවසන්නේ තර්ජන සම්බන්ධයෙන් ගත් කල, ආරක්ෂාව පිළිබඳ වගකීම සත්කාරකත්වය සපයන රටේ ආරක්ෂක ආයතන වෙත පැවරෙන බවයි.
සෑම පූර්වාරක්ෂක පියවරක්ම ගනු ඇති බවත් ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නා බවත් ඔහු ප්‍රකාශ කරයි.
ලෝක කුසලානය පැවැත්වීම සඳහා වගකිව යුතු ආයතන සමඟ සාකාච්ඡා කරන බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් ජනපද රජයන් සමඟ සම්බන්ධ වන බවත් සියලුම පූර්වාරක්ෂක පියවර ගනු ලබන බවත් රජීව් ශුක්ලා පවසා තිබේ.
එල්ලවිය හැකි බව පැවසෙන තර්ජනය සම්බන්ධයෙන් ට්‍රිනිඩෑඩ් අගමැති ආචාර්ය කීත් රොව්ලි හෙළිදරව් කර තිබුණේ පුළුල් සහ ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ICCය ප්‍රකාශකර ඇති පසුබිමකය.
ඉන්දියාව ඇතුළු කණ්ඩායම් 20 ක් සහභාගී වන මෙම තරඟාවලිය ස්ථාන 9කදී පැවැත්වේ.
ඉන් ස්ථාන හයක් පිහිටා ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දේශයේය.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් හි ඇන්ටිගුවා සහ බාබුඩා, බාබඩෝස්, ගයානා, ශාන්ත ලුසියා, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩා, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන නගරවලදී තරග පැවැත්වේ.
එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා, නිව් යෝර්ක් සහ ටෙක්සාස් හි සෙසු තරග පැවත්වේ.
ඉන්දු-පාකිස්ථාන ගැටුම ජුනි 9 වැනිදා පැවැත්වෙන්නේ නිව්යෝර්ක් නුවරදීය.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පැවසුවේ මෙම තරගාවලියේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සෑම දෙයක්ම සිදු කරන බවයි.
මාධ්‍ය වාර්තා වලට අනුව, එල්ල වී ඇති තර්ජනය බටහිර ඉන්දීය කොදෙව්වන්ට විශේෂිත වූවකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart