August 30, 2023

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළහොත් තමන් අගමැති ධුරයට පත්වන බවටත්, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ළඟදීම ඒකාබද්ධ වන බවටත පළවන වාර්තා හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“මං මොකටද රනිල් එක්ක ඩීල් දාන්නේ?” ඔහු ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුව තුළ අනවශ්‍ය ප්‍රශ්න නඟමින් කාලය හා මුදල් නාස්ති කරන බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කළ පැමිණිල්ලකට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කිරීම නිවැරදි බවයි.

“කුසගින්නෙන් පිපාසයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් මම ප්‍රශ්න මතුකරනවා. බාල බෙහෙත් ගැන හොයලා බලනවා. මම හරි දේ කරනවා. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් මට විරුද්ධව කරන පැමිණිලි ගැන සතුටුයි.” යැයි මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයේ පැවති රැස්වීමකදී විපක්ෂ නායකවරයා පැවැසීය.