
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නිකුත් කළ සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඊයේ (16) සඳහන් කළේය.
එම පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේ දී විනිසුරුවරයා මේ බව දැනුම්දුන්නේය.
එහි දී සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිසමෙහි සාමාජිකයකු ලෙස තමා කටයුතු කළ බැවින්, ඊට අදාළත්වයක් සහිත මෙම නඩුවෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
එම පෙත්සම විභාග කිරීම සඳහා වන විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු ලෙස අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් පත්කරන බවද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේය.
ඒ අනුව, එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු, සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර සහ ඩී. එන්. සමරකෝන්, සම්පත් අබේකෝන්, ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැනීමට තීරණය කෙරිණි. පෙත්සම් විභාගය අද (17) ඇරඹීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart