
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක පොලිස් බලප්‍රදේශයේදී ඊයේ (15) සන්ධ්‍යාවේ පොලිස් නිලධාරියෙකු සමඟ පොරබදා ඔහුගේ සේවා ගිනිඅවිය උදුරාගෙන, එම අවියෙන්ම තවත් පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා යතුරුපැදියකින් පළාගිය සැකකරු සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඊයේ රාත්‍රියේ සිදුකළ වැටළීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙළි වී ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුව දිවුලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වන විටත් සැකකරු සන්තකයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31ක් පොලිස් භාරයට ගෙන ඇත.
එසේම, සැකකරු විසින් පැහැරගන්නා ලද පොලිස් නිලධාරියාගේ සේවා ගිනිඅවිය සහ ඔහු පළායෑම සඳහා සොරකම් කරන ලද යතුරුපැදිය ද සොයාගැනීමට පොලිසිය සමත් විය.
අත්අඩංගුවට ගත් සැකකරු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු මීට පෙර 2008 සිට 2010 දක්වා කාලය තුළ කටුනායක ආරක්ෂක ඒකකයට අනුයුක්තව සිවිල් ආරක්ෂක බලකායේ සේවය කර ඇති අයකු බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, පහරදීමෙන් තුවාල ලැබූ අනෙක් නිලධාරියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart