
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ධනුෂ්ක ගුණතිලක අවසරයකින් තොරව ලිංගික අතවර කිරීමේ එක් චෝදනාවකට නිවැරැදිකරු බව ප්‍රකාශ කිරීමෙන් පසු, ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ විනිසුරුවරයා පමණක් විභාග කරන නඩුවකට මුහුණ දෙමින් සිටී.
මෙහිදී ජනමාධ්‍යවල වඩාත් අවධානය යොමුවූ කාරණයක් වූයේ ධනුෂ්ක නඩුවේ පළමු දිනයට උසාවියට පැමිණි ආකාරයයි.
එනම්, ධනුෂ්ක ඊයේ උදෑසන විනිසුරු සාරා හගෙට් ඉදිරියේ අපේක්ෂිත සිව්දින නඩු විභාගයට පෙර පැමිණිලිකාරිය නොවන දුඹුරු කෙස් කාන්තාවක් සමඟ අත් අල්ලාගෙන අධිකරණ සංකීර්ණයට පැමිණියේය.
ධනුෂ්ක සහ එම තරුණිය මේ වන විට ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේද සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.
එක්සත් රාජධානියේ Daily Mail වැනි පුවත්පත් පවා ධනුෂ්කගේ මෙම නව හිතවතිය පිළිබඳව අවධානය යොමුකර ඇත.
කෙසේවෙතත් මෙම නව තරුණිය කවුරුන්ද යන්න මෙතෙක් නිවැරදිව සොයාගැනීමට එරට ජනමාධ්‍යයටද හැකියාවක් ලැබී නැත.
ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ඉඟිකර ඇති ආකාරයට මෙම තරුණිය ධනුෂ්කගේ සැබෑ පෙම්වතිය විය හැකිය.
නැතිනම් ජනමාධ්‍යය වෙත මුහුණදීම සඳහා ධනුෂ්ක විසින් කඩිනමින් සොයාගත් පෙම්වතියක් විය හැකිය.
එවැනි ආකාරයේ පෙම්වතියන් ඕස්ට්‍රේලියාවෙන් සොයාගැනීම ඉතා පහසුය.
ධනුෂ්කට මෙම නඩුවට මුහුණදීමට සිදුව ඇති තරුණියව ඔහු සොයාගෙන තිබූ Tinder වැනි යෙදුම්(Apps) හරහා පහසුවෙන් එවැනි සේවාවන්ද සපයාගත හැකිය.
සම්බන්ධතාව කුමක් වුවද ධනුෂ්ක මෙහිදී ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නේ තමන්ට ශක්තිමත් සම්බන්ධතාවක් පවතින බවයි.
තමන්ට කාන්තාවකට බලහත්කාරයක් සිදුකිරීමට අවශ්‍යතාවක් නොමැති බවට ධනුෂ්ක මෙහිදී ඇඟවීමක් ලබාදෙයි.
ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය අනාවැකිවලට වලට අනුව එවැනි ප්‍රදර්ශනයක්, ඔහුට එල්ලවී ඇති චෝදනා හමුවේ අධිකරණයේ අවධානයට ලක්වනු ඇත.
කෙසේවෙතත් ධනුෂ්ක සමග යන මෙම නව තරුණියගේ අනන්‍යතාව ඉතා ඉක්මණින් අනාවරණය වනු ඇත.
සමහර විට මේ වන විටත් එරට ජනමාධ්‍යය එය සොයාගෙන තිබෙන්නට ඉඩ පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart