
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශූරයන් බවට පත්වූ දකුණු අප්‍රිකානු ස්ප්‍රිංබොක්ස් කණ්ඩායමේ ජය සැමරුම් සඳහා එරට ජනාධිපති සිරිල් රමපෝසා මහත් උද්යෝගයකින් යුතුව එක්ව සිටි ආකාරය කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය.
ස්ප්‍රිංබොක්ස් නායක සියා කොලිසි ලෝක කුසලානය අත දරා තත්ත්පර අටකට පමණ පසුව, කුසලානය දෝතට ගනිමින් ජය සැමරුම්වල ඉදිරියෙන්ම සිටියේ එරට ජනාධිපති සිරිල් රමපෝසායි.
නවසීලන්තයට එරෙහිව ඉතා තියුණු සටනකින් පසුව දකුණු අප්‍රිකාව ලකුණු 12-11ක් ලෙස ජයගත් රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය වෙනුවෙන් රමපෝසා ප්‍රංශයේ පැරිස් නුවර බලා පැමිණ තිබිණි.
70 හැවිරිදි ඔහු ස්ප්‍රින්ග්බොක් ජර්සියක් පැළඳ සිටියේ, 1995 ලෝක කුසලාන ජයග්‍රහණයේදී දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා මෙම ප්‍රතිවාදීන්ටම එරෙහිව ඉදිරිපත්කළ සුවිශේෂී භූමිකාව සිහියට නංවමිනි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් අල්ලාගෙන සිටි කුඩයක සෙවණ ලබමින් ක්‍රීඩකයින් සහ නිලධාරීන් වේදිකාවට පිළිගැනීමට එක්වූ රමපෝසා රැඳී සිටියේ ජය සැමරුම් වේදිකාව මැද පසෙකට වන්නටයි.
එහෙත් ස්ප්‍රිංබොක්ස් නායක සියා කොලිසි කුසලානය දෑතට ගත් විට රමපෝසා වේදිකාවේ මැදට ඇවිද යමින් එම සැමරුම් සඳහා උද්යෝගයෙන් එක්විය.
රමපෝසා කුසලානය ඉල්ලා සිටි ආකාරයක් දක්නට ලැබුණු අතර කොලිසි විසින් එය ලබාදුන් අවස්ථාවේ ඔහු එය දෑතින්ම හිසට උඩින් ඔසවනු ලැබුවේ
වෙනත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකු කුසලානය අතදරන්නට පෙරයි.
කොලිසි ඉන් වඩාත් සතුටුවනු දැකිය හැකිවූ අතර මීට වසර හතරකට පෙර ජපානයේදී දකුණු අප්‍රිකාව ලෝක කුසලානය දිනාගත් විටත් රමපෝසා ස්ප්‍රින්ග්බොක් සැමරුම්වලට මෙලෙසින්ම සහභාගී වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart