
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී කටුවපිටිය දේවස්ථානයේ බෝම්බය පුපුරුවාගත් මුහම්මුදු හස්තුන්ගේ බිරිය වූ පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා මියගිය බවට සකස් කළ පොලිස් වාර්තාවක් සහ ඒ පිළිබඳ මොහොමඩ් සහරාන්ගේ බිරිය වූ හාදියා දුන් සාක්ෂි කෙරෙහි විමර්ශන අංශවල දැඩි අවධානය යොමු වී තිබේ.
2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු විය. ඉන් පසු අප්‍රේල් 26 වැනිදා සායින්දමරුදු, බොලිවේරියන් ග්‍රාමයේ පිහිටි නිවෙසක සිදු වූ පිපිරීමෙන් ප්‍රහාරයට සම්බන්ධ පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
මේ පිපිරීම සම්බන්ධයෙන් කල්මුණේ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට වාර්තා කළ කරුණුවල දැක්වෙන්නේ 16 දෙනකු එහිදී මියගිය බවයි. ඉන් පසු ඊට අදාළ විමර්ශන අම්පාර මූලස්ථාන පොලීසිය වෙත මාරු කර ඇති අතර, එමඟින් සකස් කළ වාර්තාවක දැක්වෙන්නේ පිපිරීමෙන් 17 දෙනකු මියගිය බවයි. මුල් වාර්තාවට අනුව සාරා හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් මියගිය පිරිස අතර නැත. මේ වාර්තාවල පරස්පරය සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් විමර්ශනයක් සිදු වී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හඳුනාගෙන තිබේ.
සහරාන්ගේ බිරියගෙන් මේ පිළිබඳ මුල්ම ප්‍රකාශය 2019 මැයි 3 වැනිදා සටහන් කරගෙන ඇති අතර, සාරා එම ස්ථානයේ සිටි බව මැයි 6 වැනිදා වන විට තහවුරු වී ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිසමේදී සහරාන්ගේ බිරිය හාදියා පවසා තිබුණේ සායින්දමරුදු නිවෙසේ පිපිරීමෙන් පසු සාරා කතා කරනු තමාට ඇසුණු බවයි. එසේම සහරාන්ගේ සහෝදරයකු වන ෂයිනි මවුලවි තමන්ට නිවෙසින් පිටතට එන ලෙස පැවසූ බවත්, ඊට ටික වේලාවකට පසු වෙඩිහඬ ඇසුණු බවත් හාදියා කොමිසමේදී වැඩිදුරටත් පවසා තිබිණි. සාරා ජීවතුන් අතර සිටි බවට යම් සාක්ෂි ප්‍රමාණයක් තිබුණත්, ඒ පිළිබඳ අවධානය යොමු නොකොට ඇය මියගිය බව තහවුරු කිරීමට වැඩි අවධානයක් යොමු වූයේ ඇයිද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන අංශ මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවති පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විවාදයේදී මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පැවසුවේ සාරා මියගිය බවට තහවුරු කරන ලද තුන්වැනි ඩීඑන්ඒ පරීක්ෂණය ගැටලුසහගත බවයි. මේ අතර සාරා හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට 2021 වසරේදී දුරකතන සිම් පතක් ලබාගෙන තිබීම පිළිබඳවද විමර්ශන අංශ දීර්ඝ විමර්ශනයක් සිදු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart