
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් අතර හමුවක් රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී ඊයේ (14) සිදුව තිබේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වයන් පිළිබඳ එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇත.
එම සාකච්ඡාවේ ඉදිරි පියවර ගණනාවක් ඉදිරි මාස කිහිපය ඇතුළත ක්‍රියාවට නැංවීමට නියමිත බව වාර්තා වේ.
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට දක්වන නොමසුරු සහයෝගය පිළිබඳව ද සිය ප්‍රසාදය පළකර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදේශ කටයුතු ලේකම් සජින්ද වාස් ගුණවර්ධන ,පක්ෂයේ මධ්‍යම කාරක සභික, ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය චමිල ලියනගේ යන අය ද සහභාගී වුහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart