
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ රාජාසන කතාව, එය සිදුකර පැය කිහිපයක් ගතවන තුරුම රජයට අයත් කිසිදු මාර්ගගත සන්නිවේදන වේදිකාවක් ඔස්සේ ප්‍රකාශයට පත්නොකිරීම මේ වන විට ජනමාධ්‍ය කවයන්හි සාකච්ඡාවට ලක්ව ඇත.
පහතින් දැක්වෙන්නේ උවිඳු කුරුකුළසූරිය ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.
“ජනාධිපතිගෙ රාජාසන කතාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ වෙබ් සයිට් එකෙත් නැහැ, ජනාධිපති මාධ්‍ය අංශයේ ෆේස්බුක් පිටුවෙවත් නැහැ. ජනාධිපතිගෙ වෙබ්සයිට් එකට යන්නවත් බැහැ. මාධ්‍යවලට ඊමේල් එකක්වත් නැහැ කතාවෙ. විදේශ අමත්‍යාංශය කතාව ඊමේල් කරලවත් නැහැ. ඉංග්‍රීසි දෙමළ තියා, සිංහල කතාවවත් ඒවගෙ නැහැ. පාර්ලිමේන්තුවේ එවෙල හිටපු ඉංග්‍රීසි සහ දෙමළ විතරක් දන්න අය හැර අනිත් කාටවත් ජනාධිපතිගෙ කතාව ගැන දැනගන්න විදියක් නැහැ. එච්චර හොඳ කතාවක් පාර්ලිමේන්තුවෙන් පිටත හිටිය ඉංග්‍රීසි සහ දෙමළ විතරක් දන්න අයට දැනගන්න විදියක් නැහැ. පෙරේද දාපු ඒව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙ තියෙන්නෙත්. යාලුවො තමා ඒවගෙ ඉන්නෙ ඒත් හරිම අකාර්‍යක්‍ෂමයි කියල කණගාටුවෙන් උනත් කියන්න ඕන.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart