June 30, 2025

ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ(CID) හිටපු අධ්‍යක්ෂ එස්. මුතුමාල පත්කර ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පස්දෙනා අතර මුතුමාල ද සිටින බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය සහිතව මෙම ස්ථාන මාරුවීම් සිදුකර තිබේ.

ඒ වෙනුවට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස ශානි අබේසේකර ලෙස පත්කර ඇත.