July 31, 2023

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජූලි මාසයේ උද්ධමනය 6.3% දක්වා අඩුවී තිබේ.

එම අගය ජූනි මාසයේදී 12%ක් ලෙස සටහන් විය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේ වාර්තා වූ 4.1% සිට ජූලි මාසයේදී (-1.4%) දක්වා පහළ ගොස් ඇති බවයි.

මෙහිදී ආහාර නොවන උද්ධමනය ද පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කර ඇත.

ජූනි මාසයේදී එය 16.2% ක් ලෙස සටහන් විය.

ජූලි මාසයේදී 10.5% දක්වා ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අඩුවී තිබේ.