
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෘත්‍රිම දරු උපත් සිදුකරන විට එක කළලයක් හෝ උපරිම වශයෙන් කළල දෙකක් පමණක් තැන්පත් කරන නමුත් එය නිසි නියාමනයක් යටතේ මෙරට සිදු නොවන බවත්, කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු එක්කයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර පෙන්වාදෙයි.
මෙම කටයුතු සිදුකිරීමේදී කළල කිහිපයක් තැන්පත් කර විට දරුවන් කිහිපදෙනකු ලැබෙන අතර, එසේ දරුවන් වැඩි ගණනක් බිහිවීමෙන් සියලුදෙනාම අසරණ වන බවත් ඔහු සඳහන් කළේය.
කාසල් රෝහලේ උපත ලද නිවුන් බිළිඳුන් 06දෙනා සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කැඳවා තිබූ ජනමාධ්‍ය හමුවකට විශේෂඥ වෛද්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
”කෘත්‍රිම දරු උපත් සිදුකරන විට ලෝකයේ නියාමනයක් තියෙනවා. ඒ අනුවයි අපි ක්‍රියා කළයුතු වන්නේ. මොකද මේ වගේ දරුවන් හයදෙනෙක් එකපාරට ජීවත් කිරීම රෝහලට, පවුලට වගේම රටටත් ලොකු අභියෝගයක් සහ බරක්.
එම නිසා සමාජය සහ සියලුදෙනාම මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. ඒ වගේම මෙරට මෙම නියාමන කටයුතු වලට වෛද්‍යවරු විදියට අපි මහන්සි වෙලා කටයුතු කළත්, සමාජයේ සහ මහජනතාවගේ දැනුවත්වීම සහ උදව් අවශ්‍යයි මේ දේවල් ඉස්සරහට ගෙනියන්න.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart