
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්මන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයට බරපතල දේශපාලන පසුබෑමක් එක්කරමින්, විපක්ෂය නියෝජනය කළ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක මන්ත්‍රීවරුන් 18 දෙනෙකු එක්ව විපක්ෂයෙන් වෙන්වී ස්වාධීන නව සන්ධානයක් පිහිටුවා ගැනීමට කටයුතු කර තිබේ.
මෙම දේශපාලන තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව වක්‍රාකාරයෙන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස පැහැදිලි කරගත හැකිය.
මෙරට ඉතිහාසයේ පැවති කිසිදු පාලනයකට දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකම මිටකට ගෙන ඔවුන්ගේ ගැටලුවලට සෘජුව මැදිහත් වීමට ප්‍රදර්ශනාත්මක අවස්ථාවක් හිමි නොවූ පසුබිමක, වත්මන් ආණ්ඩුව කෙරෙහි පවතින යම් විශ්වාසයක් මත මෙන්ම, විපක්ෂ නායකයන් පිලිබඳව පවතින දැඩි අවිශ්වාසය මත මෙම පියවර ගෙන ඇති බව දැකගත හැකිය.
මෙම නව ඒකාබද්ධ සන්ධානයට ඇතුළත් ප්‍රධාන දේශපාලන පක්ෂ සහ ඔවුන් සතු ආසන සංඛ්‍යාව මෙසේය:
ඉලංගෙයි තමිල් අරසු කච්චි : පාර්ලිමේන්තු ආසන 8ක්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය : පාර්ලිමේන්තු ආසන 5ක්
සමස්ත ලංකා මහජන කොංග්‍රසය (රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂය): පාර්ලිමේන්තු ආසන 3ක්
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය (මනෝ ගනේෂන්ගේ පක්ෂය): ආසන 1ක්
ලංකා කම්කරු කොංග්‍රසය (ජීවන් තොණ්ඩමන්ගේ නියෝජනය): ආසන 1ක්
මෙම නව සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සහ කැඳවුම්කරු ලෙස තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුතිරන් රාසමාණික්කම් කටයුතු කරයි.
මෙම පියවර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂ කණ්ඩායම් ලැබූ දැවැන්ත පරාජයක් ලෙස අවිවාදයෙන් සැලකිය හැකිය. පසුගිය මහමැතිවරණයේදී මෙයින් මන්ත්‍රීවරුන් රැසක් සජබ ‘දුරකථනය’ සලකුණෙන් තරඟ වැදී පාර්ලිමේන්තුවට තේරී පත්වුවද, විපක්ෂ නායකත්වයේ පවතින දේශපාලන දුර්වලතා සහ ඇතැම් දේශපාලන කණ්ඩායම්වල ජාතිවාදී, ආගම්වාදී ස්ථාවරයන් නිසා සුළුතර පක්ෂ තවදුරටත් ඔවුන් සමඟ සිටීමට අකමැත්ත පළකර ඇත.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ප්‍රකාශ කර ඇත්තේ, මෙම නව සන්ධානය රජයට විරුද්ධව හෝ විපක්ෂයට පක්ෂව ගොඩනැගූවක් නොවන බවයි. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් රජය සමඟ අනවශ්‍ය ගැටුම් ඇති කර නොගෙන, තමන් නියෝජනය කරන උතුර, නැඟෙනහිර සහ වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම්, අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබාගැනීම සඳහා රජය සමඟ සහයෝගයෙන් සහ සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කිරීමට මෙම නව සන්ධානය සූදානම් වන බවයි.
වත්මන් 225ක පාර්ලිමේන්තුව තුළ ජාතික ජන බලවේගයට ආසන 159ක බහුතරයක් පවතින අතර, සමස්ත විපක්ෂයට පැවතියේ ආසන 66ක් පමණි.
මෙම මන්ත්‍රීවරුන් 18 දෙනාගේ වෙන්වීමත් සමඟ ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 50කටත් වඩා අඩු මට්ටමකට ඇද වැටී ඇති අතර, එය ඉදිරි පළාත් සභා හෝ මහා මැතිවරණවලදී විපක්ෂයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart