
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව න්‍යෂ්ටික බලශක්තිය විශ්වාසදායක සහ පිරිසිදු බලශක්ති ප්‍රභවයක් ලෙස හඳුනාගෙන ඇත.
ඔවුන්ගේ 2025-2044 ජනන සැලැස්මට අනුව, න්‍යෂ්ටික බලශක්තිය අනාගතයේ දී විදුලිබල ක්ෂේත්‍රයේ පූර්ණ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩුකිරීමේ මාර්ගයක් ලෙස සැලකේ.
කෙසේවෙතත්, න්‍යෂ්ටික බලය වර්ධනය කිරීම සඳහා සැළකිව යුතු කාලයක් අවශ්‍ය වන අතර, සියලු පාර්ශවකරුවන් සමඟ ප්‍රවේශමෙන් සාකච්ඡා කිරීම සහ තාක්‍ෂණය පිළිබඳ මහජන පිළිගැනීම සහතික කිරීම එහිදී අත්‍යවශය වේ.
ලංකා විදුලිබල මණ්ඩලයට අනුව ව්‍යාපෘතිය පාරිසරික අරමුණු සහ සාමාජීය අපේක්ෂාවන් සමඟ සමාන වන බව සහතික කිරීම සඳහා මෙම දිගු කාලය අත්‍යවශ්‍ය වේ.
රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ප්‍රංශය වැනි ලොව බලවත් රටවල් මේ සම්බන්ධයෙන් ආයෝජන සඳහා සහාය වීමට ඉදිරිපත් වී ඇති බැවින් න්‍යෂ්ටික බලශක්ති සංවර්ධනයේ දී ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ප්‍රජාව සමග ගනුදෙනු කිරීමේදී පැහැදිළි අභියෝගයක් ඇත.
එවැනි ආයෝජනයක් සඳහා රුසියාව මීට පෙර ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව Rosatom ලෙස හැඳින්වෙන රුසියානු රජය විසින් පවත්වාගෙන යනු ලබන පරමාණු බලශක්ති සංස්ථාව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව පවසා ඇත.
රුසියාව දැනටමත් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ බලශක්ති අංශයේ ආයෝජනකරුවෙකි.
මෙරට යෝජිත ව්‍යාපෘතියේ මූලික අදහස වන්නේ මෙගාවොට් 110 ක කුඩා න්‍යෂ්ටික බලාගාරයක් මෙගාවොට් 55 බැගින් වන ඒකක දෙකක් බැගින් පිහිටුවීමයි.
ජනන සැලැස්මට අනුව, ශ්‍රී ලංකාව 2030 වසරේ සිට සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන්, මෙගාවොට් 500ක HVDC අන්තර් සම්බන්ධතාවකින්, න්‍යෂ්ටික බලශක්ති එකතුකිරීම් සමඟින් පවත්වා ගැනීමට සැලසුම් කරයි.
කෙසේවෙතත් න්‍යෂ්ටික බලශක්ති සංවර්ධනය සඳහා නීතිමය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය මෙතෙක් පියවර ගෙන නොමැත.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart