
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රථම සහ එකම ඉටි කෞතුකාගාරය මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේදී තව දින කිහිපයකින් විවෘත කිරීමට නියමිතව තිබේ.
ඒ වෙනුවෙන් ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගේ ප්‍රධානත්වයෙන් සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ දානමය පිංකමක් ද පැවැත්විණි.
ඇහැලේපොළ පවුලට උපහාර දැක්වීම සහ කෞතුකාගාරය පිහිටුවීමට දායක වූ සියලු දෙනාට උපහාර දැක්වීම සඳහා මෙම ආගමික වතාවත් සංවිධානය කර තිබිණි.
මෙම ඉටි කෞතුකාගාරය තුළින් මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය, සිරිත් විරිත්, සංස්කෘතිය, ආහාර පිසීම, කර්මාන්ත සහ කලාවන් ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ.
එම යුගයේ පොහොසත් උරුමය පිළිබඳ අධ්‍යාපනික හැඳින්වීමක් අමුත්තන්ට ලබාදීම සඳහා එය නිර්මාණය කර ඇත.
මෙරට ඓතිහාසික වටිනාකමකින් යුත් ඇහැලේපොළ වලව්ව යටත් විජිත සමයේ සිරගෙයක් බවට පත්කිරීමත් සමඟ සැළකිව යුතු වෙනස්කම්වලට භාජනය විය.
මෙම ගොඩනැගිල්ල මෑතකදී නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙන තෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය විය.
දළ වශයෙන් රුපියල් මිලියන 150ක් පමණ වියදමකින් සිදුකරන ලද පුළුල් ප්‍රතිසංස්කරණවලින් පසු , විශේෂ ප්‍රදානයක් මගින් මෙම ස්ථානය නිල වශයෙන් ශ්‍රී දළදා මාළිගාවට පවරා තිබේ.
ඉටි කෞතුකාගාරය දේශීය හා විදේශීය නරඹන්නන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින සිදුකෙරෙන ව්‍යාපෘතියක් වන අතර එය මෙරට ප්‍රෞඪ ඉතිහාසය සඳහා නරඹන්නන්ට සාක්ෂි සපයනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart